Home

මහජන ආරක්ෂක අමාත්‍යංශය

118 මාර්ගගත හදිසි පැමිණිලි පද්ධතිය

හදිසි පැමිණිල්ලක් යොමු කරන්න.

මෙම වෙබ් අඩවිය හරහා ගොනු කරනලද පැමිණිලි විමර්ශන සඳහා දේශීය හෝ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන හෝ නියාමන ආයතන වෙත යොමු වනු ඇත. ඕනෑම පැමිණිල්ලක් මත විවෘත කරන ලද ඕනෑම පරීක්ෂණයක් නීතිය බලාත්මක කිරීමේ සහ/හෝ පැමිණිලි තොරතුරු ලබා ගන්නා නියාමන ආයතනයේ අභිමතය පරිදි ආරම්භ වේ.

පැමිනිල්ලක ප්‍රගතිය විමසීම

118 මාර්ගගත හදිසි පැමිණිලි හා මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතිය ස්ථාපනය

118 ජාතික සේවා මැදිරියේ මූලික පරමාර්ථය වී ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනයා විසින් දන්නා තොරතුරු කඩිනමින් මහජන ආරක්ෂක ලේකම්වරයා වෙත ලබා ගැනීමේ මූලික පරමාර්ථයෙනි. මීට අමතරව ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සියළුම රාජ්‍ය ආයතන වලට විරුද්ධව පැමිණෙන චෝදනා හා අදහස් යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි.

මෙ වන විට 118 ජාතික සේවා මැදිරිය නව තාක්ෂණය හා මුසු වෙමින් පැය 24 පුරා ක්‍රියාත්මක Online Emergency & Public Complaint Management System එකක් වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අමාත්‍යාංශ පරිශ්‍රෙය් ක්‍රියාත්මකව පවතී.

මෙම 118 මධ්‍යස්ථානය මගින්,

  • පොලිසියේ හා රාජ්‍ය ආයතන වල නිලධාරීන් විසින් සිදු කරන දූෂිත ක්‍රියා සම්බන්ධයෙන්
  • මහජනතාවගේ පොදු හා කාලීන ගැටළු සම්බන්ධයෙන්
  • මහජන සාමය කඩ වන අවස්ථා සම්බන්ධයෙන්
  • මනුෂ්‍ය ඝාතන, සොරකම්, කොල්ලකෑම්, කාන්තා හිංසන, පාතාල ක්‍රියා, ගැටුම්, ආරවුල්, වැඩිහිටියන්ට සිදු වන අකටයුතුකම් හා මත් ද්‍රව්‍ය දූෂණ වැටලීම් සම්බන්ධයෙන්
  • මහජනතාවගේ නොවිසදුනු ගැට‍ළු සම්බන්ධයෙන්

මහජනතාවට මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් හා 118 මධ්‍යස්ථානය ඇමතීමෙන් ක්ෂණිකව දැනුම්දීමේ හැකියාව පවතී